ඉර්ධිපාද කියලා කියන්නේ බොහෝ දෙනෙක් කථා නොකරන මාතෘකාවක්. බුදු සසුනෙහි මහානීය වස්තු තිස් හත වන සත්තිස් බෝධිපාක්ෂික ධර්මයන්ට අයත් වූ මෙම සතර ඉර්ධිපාද ගැන අපගේ භාග්‍යවතුන් වහන්සේ විසින් නොයෙක් අවස්ථාවලදී වදාළ දේශනා එකතුවක් සංයුක්ත නිකායෙහි පස්වන පොත් වහන්සේ තුළ ඇතුළත් වෙනවා. එම දේශනා එකතුව හඳුන්වන්නේ ‘ඉර්ධිපාද සංයුත්තය’ නමින්. එහි ඇතුළත් දේශනා සරලව උපුටා දක්වමින් සතර ඉර්ධිපාද ගැන ඔබට පහසුවෙන් තේරුම්ගත හැකි ආකාරයට මෙම ලිපිය ඔස්සේ ඉදිරිපත් කරන්නට අපි බලාපොරොත්තු වෙනවා. එහෙනම් අපි ඉර්ධි කියන්නේ මොනවාද කියලා පළමුවෙන් ම තේරුම් ගනිමු. ඉර්ධි යනු; එක් කෙනෙක්ව සිට බොහෝ අය ලෙස පෙනී සිටීම, බොහෝ දෙනෙකු ලෙස පෙනී සිට නැවත එක් අයෙකු ලෙස පෙනී සිටීම, කිසිවෙකුට නොපෙනෙන ලෙස සිටීම, බිත්ති – ප්‍රාකාර – පර්වත හරහා කිසි බාධාවකින් තොරව විනිවිද ගමන් කිරීම, ජලයෙහි මෙන් පොළොවෙහි කිමිදීම සහ උඩට මතුවීම, කුරුල්ලෙකු අහසෙහි ගමන් කරන්නාක් සේ පළඟක් බැඳගෙන අහසෙහි ගමන් කිරීම, මහත් ඉර්ධි ඇති, මහත් ආනුභාව ඇති හිරු සඳු අතින් ස්පර්ශ කිරීම, බඹලොව සීමාකොට තමන්ගේ කයින් වසඟයෙහි පැවැත්වීම යන මේවා යි. ...
ධර්ම මාර්ගය "Dharma Margaya" මේ ඝෝර කටුක සංසාර ගමනෙන් අත්මිදී ශාන්ත අමා නිවනින් සැනසීම උදෙසා... “This is the entire spiritual life, Ananda, that is, good friendship, good companionship, good comradeship. When a monk has a good friend, a good companion, a good comrade, it is to be expected that he will develop and cultivate the Noble Eightfold Path.” ~ The Buddha
Comments
Post a Comment