Skip to main content

සාරිපුත්ත මහ රහතන් වහන්සේ



WhatsApp Image 2018-01-20 at 4.46.42 AM
සාරිපුත්ත මහ රහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ වෙත පැමිණ වැඳ එකත්පස් ව සිටි සේක.
“සාරිපුත්තය, ඇත්ත ද මේ භික්ෂුවට කනේ පහරක් දී සමා කර නොගෙන පිටත් වුණා ය කියන්නෙ?”
සැරියුත් හිමියෝ “මම එසේ නොකෙළෙමැ” යි වදනින් නොපවසා, මෙසේ ම බිණූ හ:
“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, යම් කිසි භික්ෂුවක් හරි හැටි කය අනුව ගිය සිහිය වඩා පුරුදුකොට, නිතර ම කය අනුව ගිය සිහිය සිතේ පිහිටුවා නැති නම්, එවැනි භික්ෂුවක් ම ඔවැනි කටයුත්තක් කරයි.
“භාග්‍යවතුන් වහන්ස, මහ පොළොව මතට පිරිසිදු දේත් අපිරිසිදු දේත්, අශූචිත්, මූත්‍රත්, කෙළත්, සැරවත්, ලේත් දමනු ලැබේ. ඒ වුණත් මහ පොළොව එයින් පීඩාවකට, ලජ්ජාවකට පත් වන්නේ නැත; හිරිකිත බවක් ඇති කරගන්නේත් නැත. එසේ ම මමත් මහ පොළොව මෙන් පුළුල් වූ මහත් වූ අප්‍රමාණ වූ අවෛරී වූ නිදුක් වූ සිතක් ඇතිව වාසය කරමි.”
මහත් ගුණ ඇති සැරියුත් හිමියෝ ප්‍රඥාාවෙන් යථාර්ථය දකිමින් ම මෙසේ වදාරන කල ජලය කෙළවර කොට ඇති මහ පොළොව කම්පා විය.
“භාග්‍යවතුන් වහන්ස, ජලයෙන් පිරිසිදු දේත් අපිරිසිදු දේත්, අසූචිත්, මූත්‍රත්, කෙළත්, සැරවත්, ලේත් සෝදනු ලැබේ. ඒ වුණත් ජලය එයින් පීඩාවකට ලජ්ජාවකට පත් වන්නේ නැත; හිරිකිත බවක් ඇති කරගන්නෙත් නැත. එසේ ම මමත් ජලය මෙන් පුළුල් වූ මහත් වූ අප්‍රමාණ වූ අවෛරී වූ නිදුක් වූ සිතින් වාසය කරමි.”
අහෝ අසිරියකි! යළිදු මිහිකත කම්පා විය. මේ ආකාරයට සාරිපුත්ත ස්වාමීන් වහන්සේ තමන් වහන්සේගේ පරම නිහතමානීත්වය දක්වන තවත් උපමා හතක් වදාළ සේක……………

Comments

Popular posts from this blog

පිරිත් (Pirith MP3 Download)

බෝධි පූජා අටවිසි බෝධි පූජා මහ පිරිත කරණීයමෙත්ත සූත්‍රය රතන සූත්‍රය සීවලි  පිරිත අන්තරාය නිවාරණ සූත්‍රය ආටානාටිය සූත්‍රය නවග්‍රහ පිරිත රත්නමාලී යන්ත්‍ර ගාථා අංගුලිමාල පිරිත ජය පිරිත ජලනන්ද පිරිත ධජග්ග සූත්‍රය සෙත් පිරිත් 1 සෙත් පිරිත් 2 චූල ජිනපන්ජර පිරිත ඇනවුම් පිරිත වට්ටක පිරිත ධම්මචක්කප්පවත්තන සූත්‍රය දස දිසා පිරිත ඡත්ත මානවක ගාථා

DAMMAPADA - Danda Vagga (English)

Sabbe tasanti daṇḍassa, sabbe bhāyanti maccuno; Attānaṃ upamaṃ katvā, na haneyya na ghātaye. 129. All beings tremble at violence. All beings fear death. Putting yourself in the place of another, do not kill or influence others to kill. Sabbe tasanti daṇḍassa, sabbesaṃ jīvitaṃ piyaṃ; Attānaṃ upamaṃ katvā, na haneyya na ghātaye. 130. All beings tremble at violence. Life is dear to all. Putting yourself in the place of another, do not kill or influence others to kill. Sukhakāmāni bhūtāni, yo daṇḍena vihiṃsati; Attano sukhamesāno, pecca so na labhate sukhaṃ. 131. If desiring happiness, one uses violence to harm beings who also desire happiness, one will not find happiness after death. Sukhakāmāni bhūtāni, yo daṇḍena na hiṃsati; Attano sukhamesāno, pecca so labhate sukhaṃ. 132. If desiring happiness, one does not use violence to harm beings who also desire happiness, one will find happiness after death. Māvoca pharusaṃ kañci, vuttā paṭivadeyyu taṃ; Dukkhā hi sārambh...

DHAMMAPADAYA - Bala Waggaya (English)

Dīghā jāgarato ratti, dīghaṃ santassa yojanaṃ; Dīgho bālāna saṃsāro, saddhammaṃ avijānataṃ. 60. Night is long for one lying awake. Seven miles is long for one exhausted. The journey of rebirth is long for fools who do not realize the true Dhamma. Carañce nādhigaccheyya, Seyyaṃ sadisamattano; Ekacariyaṃ daḷhaṃ kayirā, Natthi bāle sahāyatā. 61. You should find a friend who has better qualities than you or has equal qualities. If you do not find such a friend, with great determination, you should live alone. There is no friendship with fools. Puttā matthi dhanaṃ matthi, iti bālo vihaññati; Attā hi attano natthi, kuto puttā kuto dhanaṃ. 62. The fool is occupied with worldly things saying, “I have children! I have wealth!” In reality, one’s self is not even one’s own. How then are children? How then is wealth? Yo bālo maññati bālyaṃ, paṇḍito vāpi tena so; Bālo ca paṇḍitamānī, sa ve “bālo”ti vuccati. 63. The fool who knows his foolishness is wise to that extent. But a fool who...