Skip to main content

ක්‍ෂණ සම්පත්තිය



අඬ්ගුත්තර නිකායේ අට්ඨක නිපාතයේ පඨම පණ්ණාසකයේ ගනපති වග්ගයට අයත් “ අක්ඛණ සුත‍්‍රය” ක්‍ෂණ සම්පත්තිය පිළිබඳව පැහැදිලි විස්තරයක් ඉදිරිපත් කරන උසස් ඉගැන්වීමකි. මෙම සුත‍්‍ර ධර්මය අනුව ධර්මාවබෝධය ලැබීමට බාධා වශයෙන් බලවත්වන කාල අටකි. ඒවා අෂ්ට දුෂ්ට ක්‍ෂණ වයෙන් ද ප‍්‍රකටය.

දෙව්මිනිස් සැමට ශාස්තෘ වන සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයෙහි පහළ වී උතුම් නිර්වාණය අවබෝධ කර ගැනීමට ධර්මය දේශනා කරන කල්හි එම ධර්මය අවබෝධ කර ගැනීමට කිසිම අයුරකින් අවස්ථා නොලැබෙන උත්පත්තීන් අට මෙසේය.

1. අඥාන පුද්ගල තෙමේ නිරයෙහි උපන්නේවේද බඹසර විසීමට මේ පළමුවන ඉඩක් නොලැබෙන අකාලයයි.

2. මේ අඥාන පුද්ගල තෙමේ තිරිසන් යෝනියෙහි උපන්නේවේද බඹසර විසීමට අවස්ථාවක් නොලැබෙන මේ දෙවන අකාලය වේ.

3. මේ අඥාන පුද්ගල තෙමේ පෙ‍්‍ර්ත ආත්මයක උපන්නේවේද මේ උතුම් බඹසර විසීමට අනවකාශ තෙවන අකාලය වේ.

4. මේ පුද්ගල තෙමේ දීර්ඝ ආයුෂ ඇති අසංඥ තලයෙහි උපන්නේ නම් එය ද බඹසර විසීමට අනවකාශ මේ සිව්වන අකාලයයි.

5. මේ පුද්ගල තෙමේ අතිශය අඥාන, මිලේච්ඡ ව ප‍්‍රත්‍යයන්ත දේශයක උපන්නේ ද උතුම් බඹසර විසීමට මෙයද අනවකාශ පස්වැනි අකාලය වේ.

6. මේ පුද්ගල තෙමේ මිථ්‍යා දෘෂ්ටිකව උපන්නේවේද උතුම් බඹසර විසීමට මෙය ද බාධාකර සයවැනි අකාලය වේ.

7. තවද අද , ගොළු, බිහිරි, අඥාන ව ලබන මිනිස් ආත්මය ද ධර්මාවබෝධයට බාධාවකි.

8. එසේම අබුද්ධෝත්පාද කාලයක පරිපූර්ණ මිනිසෙක්ව මධ්‍ය දේශයේ ඉපදුන ද එයින් ඵලක් නොවේ.

මෙම අක්ඛණ සුත‍්‍ර දේශනාවෙන් පෙන්නුම් කරන උත්පත්තීන් අට අපායගාමීව ඉපදීම, අසඥතලයෙහි ඉපදීම, අබුද්ධෝත්පාද කාලයක ඉපදීම බුද්ධෝත්පාද කාලයක දුර්වලව ඉපදීය වශයෙන් අකුසල හා කුසල කර්ම විපාක අනුව සිදුවන බව පැහැදිලිය.

එසේ කෙබදු උපතක් ලැබුව ද ඒවා අර්ථවත් වූ උත්පත්තීන් නොවන්න් බ‍්‍රහ්මචර්යා සංඛ්‍යාත ධර්මයන් ප‍්‍රගුණ කිරීමට එම ජීවිතවලින් පිහිටක් නොවීමයි. මෙයින් අවධාරණය කරන්නේ සංසාරික තත්ත්වයන් මැනවින් වටහා ගැනීමට සුදුසු වන පරිදි ලබන උපත ශ්‍රේෂ්ට බවයි.

සියළු බාධාකර ධර්මයන්ගෙන් මිදී එවන් උපතක් ලැබීම ඉතාම දුර්ලභය. කණ කැස්බෑ නෙත විය සිදුරෙන් අහස බැලීමටත් වඩා දුර්ලභ වූවකි. සර්ව සම්පූර්ණ උපතක් ලැබීම. ඒ අනුව මාර්ගඵල අවබෝධයෙන් නිවන් දැකීමට යෝග්‍ය උපතක් වන්නේ ඉහත දැක් වූ අෂ්ට දුෂ්ට ක්‍ෂණයන්ගෙන් මිදී ලබන උපතයි.

බුද්ධෝත්පාද කාලයක් වීම.

මිනිස් ආත්මභාවයක් ලැබීම.

අංග විකල මන්දබුද්ධික තත්ත්වයෙන් මිදී උපත ලැබීම.

මිථ්‍යා දෘෂ්ටික නොවූ පවුලක, පරිසරයක ඉපදීම.

ශ‍්‍රද්ධා සීලා දි ගුණ දම් ඇති මව්පියන්හට දරුවෙකු ව පිරිපුන් කායික හා මානසික තත්ත්වයක බුදු රජාණන් වහන්සේ ලොව පහළ වූ සමයක යමෙකු ලබන උපත ඉතාම උසස් වූවකි.

ඊට හේතුව සසර හෙවත් භව උත්පත්තිය, ජාති, ජරා, ව්‍යාධි, මරණ යන ධර්මයන්ට ගොදුරු වූවකි. උපත ලබන කිසිවෙකුට මේ තත්ත්වයෙන් මිදීමක් නම් නැත්තේමය. මෙම දුක්ඛදායක තත්ත්වය තේරුම් ගැනීමට නොහැකිව ලබන උපත නිස්සාර වූවකි.

අප බුදු රජාණන් වහන්සේගේ ශී‍්‍ර සද්ධර්මයෙන් අවධාරණය කරන්නේ ධර්මාවබෝධය ලැබීමට ප‍්‍රමාණවත් උසස් උපතක් ලද ඔබ අප වැනි අය එම උපත අර්ථවත් වූ උපතක් කර ගැනීමට එනම් සසර දුක, දුක ඇතිවීමේ හේතුව, දුක නැති කිරීම හා දුක නැති කිරීමේ මාර්ගය වන චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කර ගැනීමට අප‍්‍රමාදීව කටයුතු කරන ලෙසයි.

අක්ඛණෙ අසමයො” යනුවෙන් මෙම අක්ඛණ සුත‍්‍රයෙන් කියවෙන අනවකාශ අකාලය වන්නේ ඉහත දක්වන ලද උපත් අටයි මනා ඉÁද්‍රිය ශක්තියෙන් හා ඤාණශක්තියෙන් හෙබි උසස් උපත ක්‍ෂණ සම්පත්තිය වන අතර බුද්ධෝත්පාද කාලයක ධර්මය පවතින සමාජ පරිසරයකම ඉපදීම ධර්මාවබෝධය සුදුසුවේ. “ බ‍්‍රහ්මචරියවාසාය” එනම් උසස් වූ හැසිරීම් රටාවෙන් යුත් ජීවිතයක් පවත්වාගෙන යෑමයි.

මෙම අෂ්ට දුෂ්ටක්‍ෂයන්ගේ සයවැනි කරුණින් පෙන්වා දෙන අන්දමට බුද්ධෝත්පාද කාලයක පිරිපුන් මිනිස් උපතක් මිථ්‍යා දෘෂ්ටික පවුලක මිථ්‍යාදෘෂ්ඨකයෙකු ව උපත ලැබීම ද අභාග්‍යයකි.

එම සුත‍්‍රයට අනුව මිථ්‍යා දෘෂ්ටිය, දුන්දේ විපාක නැත. මහා යාගයෙහි විපාක නැත. අමුත්තන්ට පිළියෙල කළ සත්කාරයෙහි විපාක නැත. යහපත් අයහපත් කර්මයන්ගේ විපාක නැත.

පරලොව සිටියහුට මෙලොවක් නැත. මෙලොව සිටියහුට පරලොවක් නැත. මව නැත. පියා නැත. ( මවුපියන්ට කළ යහපත් අයහපත් කටයුතුවල පළ විපාක නැති බව ) ඕපපාතික සත්වයෝ නැත. උසස් මහණ බමුණෝ ලෝකයෙහි නැත. ආදි වශයෙන් විපරීත අදහස්වලින් යුක්තව ජීවිතය ගත කිරීම මිථ්‍යා දෘෂ්ටියයි.

මෙය ද මනා අභාග්‍යවන්ත තත්Àවයක් වන්නේ සත්ත්වයා ජීවිතයේ මුහුණ දෙන යථාර්ථය වටහා ගැනීමට සුදුසු අවකාශයක් නොලැබෙන බාධාකර ධර්මයකි. ලෝකයේ බුදුවරයෙකු පහළ වී සසර දුකින් මිදීමට ධර්ම මාර්ගය පැහැදිව දේශනා කළ ද අවිද්‍යා අන්‍ධකාරයෙන් අතරමංව සිටින පුද්ගලයාහට එයින් ප‍්‍රතිඵල ලබා ගැනීම ඉතා දුෂ්කර වූවක් බව මෙයින් පෙනේ.

කාමභෝගි ජීවිතයට උසස් කොට සළකා කුසලාකුසල ධර්මයන් වටහා ගැනීමට නොහැකිව කටයුතු කිරීම ස්තී‍්‍ර-පුරුෂ භේදයකින් ජාති ආගම් කුල භේදයකින් හෝ ගිහි පැවිදි භේදයකින් තොරව පවත්නා තත්ත්වයකි. මෙයට පැහැදිලිම මග පෙන්වීම මෙම අක්ඛණ සුත‍්‍රයෙන් සිදුවේ.

ජීවිතය නම් තණ අග පිණිබිදුවක් වැනිය. පෙන පිඩක් බදුය. ක්‍ෂණයක් තුළ උප්පාද ඨිති භංග ධර්මයන්ට යටත්ව පවති. විවිධාකාර කටයුතුවලට වඩ වඩාත් කාලය ගෙවමින් සිටින අප අත්‍යවශ්‍යම කටයුතු වන විමුක්තිය පිණිස පවතින ධර්මයන්ගෙන් ක‍්‍රමයෙන් ඈත්වෙමින් සිටීම ඉතාම දුක්ඛදායකය. අක්ඛණ සුත‍්‍රයේ ආරම්භයේ එන “ ඛණකිච්චො ලොකො ඛණකිච්චො ලොකොති භික්ඛවෙ, අස්සුතවා පුථජ්ජනො භාසති, නොච ඛො සො ජනාති ඛණං වා අක්ඛණංවා.”

මහණෙනි ඇසූ පිරූ තැන් නැති ප‍්‍රථග්ජන පුද්ගලයා ක්‍ෂණ කෘත්‍ය ඇත්තේය, ක්‍ෂණ කෘත්‍ය ඇත්තේ යැයි කියයි. මොහු ක්‍ෂණය හෝ අක්‍ෂණය හෙවත් අවකාශය හෝ අනවකාශය හෝ නොදනියි.” යනුවෙන් අපගේ ජීවිතයට ලබාදෙන මග පෙන්වීම ඉතා උසස් ය. මංමුලාව යන පුද්ගලයාට මග කියාදීමකි අන්ධකාරයේ ජීවත්වන අයට ආලෝකය පිණිස කටයුතු කිරීමකි.

යම් පුද්ගලයෙක් උතුම් මිනිස් ආත්මභාවය ලැබ මැනවින් දෙසූ ශී‍්‍ර සද්ධර්මයෙහි අවකාශය නොලබත්ද ඔහු අවකාශය හෙවත් ක්‍ෂණය ඉක්මවයි. ධර්ම මාර්ගයට අන්තරායකර වූ බොහෝ අනවකාශයන් බුදුරජාණන් වහන්සේ දේශනා කළහ.

ලෝකයේ බුදුවරයෙකුගේ පහළවීම ඉතාමත් දුර්ලභ කරුණකි. මිනිසත් බව ලැබීම ද ඉතා දුර්ලභය. බුදුරදුන් විසින් මැනවින් දෙසූ ශී‍්‍ර සද්ධර්මය පවතින සමාජයක් හමුවීම ද දුර්ලභය. මේ සියලු දුර්ලභ කරුණු ලබාගත් මිනිසා එයින් ඵල නෙළා ගැනීමට වෑයම් කළ යුතුව ඇත.

Comments

Popular posts from this blog

පිරිත් (Pirith MP3 Download)

බෝධි පූජා අටවිසි බෝධි පූජා මහ පිරිත කරණීයමෙත්ත සූත්‍රය රතන සූත්‍රය සීවලි  පිරිත අන්තරාය නිවාරණ සූත්‍රය ආටානාටිය සූත්‍රය නවග්‍රහ පිරිත රත්නමාලී යන්ත්‍ර ගාථා අංගුලිමාල පිරිත ජය පිරිත ජලනන්ද පිරිත ධජග්ග සූත්‍රය සෙත් පිරිත් 1 සෙත් පිරිත් 2 චූල ජිනපන්ජර පිරිත ඇනවුම් පිරිත වට්ටක පිරිත ධම්මචක්කප්පවත්තන සූත්‍රය දස දිසා පිරිත ඡත්ත මානවක ගාථා

DAMMAPADA - Danda Vagga (English)

Sabbe tasanti daṇḍassa, sabbe bhāyanti maccuno; Attānaṃ upamaṃ katvā, na haneyya na ghātaye. 129. All beings tremble at violence. All beings fear death. Putting yourself in the place of another, do not kill or influence others to kill. Sabbe tasanti daṇḍassa, sabbesaṃ jīvitaṃ piyaṃ; Attānaṃ upamaṃ katvā, na haneyya na ghātaye. 130. All beings tremble at violence. Life is dear to all. Putting yourself in the place of another, do not kill or influence others to kill. Sukhakāmāni bhūtāni, yo daṇḍena vihiṃsati; Attano sukhamesāno, pecca so na labhate sukhaṃ. 131. If desiring happiness, one uses violence to harm beings who also desire happiness, one will not find happiness after death. Sukhakāmāni bhūtāni, yo daṇḍena na hiṃsati; Attano sukhamesāno, pecca so labhate sukhaṃ. 132. If desiring happiness, one does not use violence to harm beings who also desire happiness, one will find happiness after death. Māvoca pharusaṃ kañci, vuttā paṭivadeyyu taṃ; Dukkhā hi sārambh...

Dhamma Articles 15

The Benefits of Long-term Meditation Bhante Gunaratana Spending time in a retreat is like recharging a battery. Once you have charged a battery, you don’t let it just sit around. You install it in an appliance and use it until it runs out. Then you recharge it. Similarly, when you need to recharge yourself you go for retreats. The difference between charging a battery and going for a retreat is that the length of time spent in a retreat cannot really be equated with the time you charge a battery. If you charge a battery longer, that does not mean it can run longer. Once the battery has reached full capacity it cannot be charged any more. Charging after that point is useless. But this does not happen when you go on a long-term retreat. First, before you go for long retreats, you should have undertaken short weekend retreats. Also, be aware of the length of the longer retreat you hope to accomplish—ten days, twenty days, a month, three months, or a year or two? You have t...