Skip to main content

ධර්මය කුමක් පිණිස ද?



ලස්සන මලක් තියෙනවා. හරි ම පැහැපත්. එ්ත් සුවඳ නෑ…

තවත් ලස්සන මලක් තියෙනවා. හරි ම පැහැපත්. එ් වගේ ම යි සුවඳත්…

මේ මල් දෙකෙන් වඩාත් වටින්නේ මොන මල ද? එක ම උත්තරය යි තියෙන්නේ. ලස්සනත් තියෙන, පැහැයත් තියෙන, සුවඳත් තියෙන මල තමයි වඩාත් වටින්නේ…

හැබැයි, සුවඳ නො තිබුණාට අර ලස්සන පැහැපත් මල ජනාකර්ෂණය දිනා ගන්නේ නැද්ද?

එ් වර්ණයන් ලෝකයේ කැපී පෙනෙනවා. එ් මල් ලෝකයේ අවධානයට ලක් වෙනවා. එ් මල් ලෝකයේ සෙසු මල් අතරින් විශේෂ ව පෙනෙනවා. මේ මේ හේතූන් නිසා ම එ් මලූත් ලෝකයේ වටිනා ම මල් ලෙසින් වුණත් පෙනී යන්නට පුළුවනි. පිළිගැනීමට ලක් වන්නටත් පුළුවනි. හැබැයි එ් වටිනාකම සත්‍ය වශයෙන් ම එයට හිමි විය යුතු වටිනාකම නම් නො වෙයි. නියම වටිනාකම ලැබෙන්නට නම් ලස්සන, පැහැය වගේ ම සුවඳත් එ් මලේ තිබිය යුතුයි.

ශ්‍රී බුද්ධ වර්ෂ 237 වැන්නේ පොසොන් පොහෝ දිනයේ දී හෙළදිවට ඉහළ ගුවනත නැගුනු සුපුන් සඳ සේ ම ප‍්‍රභාවත් වූ පොසොන් සඳ මඬලක් අදත් අපට ඉහළ අහසේ සුදිලෙනවා. ශතවර්ෂ ගණනාවකට එපිටින් මේ සඳ මඬල දිස් වුණ එ් උතුම් පොසොන් පොහොය දවසේ දී රටකින් රටකට ලැබුණ උත්තුංග ම ත්‍යාගයෙන් අප රට පිදුම් ලැබුවා. දඹදිව අධිරාජ්‍යය කරවූ ධර්මාශෝක නිරිඳුන්ගේ පුතු වූ මිහිඳු මහරහතන් වහන්සේ උතුම් අරහත් ධජය දරාගෙන මෙහි වැඩම කොට අපට එ් සදහම් අමාවන් පොවද්දී එයින් සැනසී ගත් සිත් ඇති රජුත්, රටවැසියනුත් තිසරණයේ පිහිටියා. සිල් සුවඳ හෙළදිව පැතිරුණා. ගුණ සුවඳ හෙළදිව පැතිරුණා. නැණ සුවඳ හෙළදිව පැතිරුණා.

විසිරෙන්නට නො දී මලෙන් මල අමුණමින් හූයකින් කරවූ මාලා දාමයක් සේ මහරහත් මුනිවරුන් කලින් කල රැුස්ව තෙවරක් ම සංගෘහිත කරවූ උතුම් ශ්‍රී මුඛ බුද්ධ වචන ගංගාව හෙළදිව මුල් බැස ගත්තා. ගෞතම සම්බුදු සසුනේ ධර්ම භාණ්ඩාගාරය බවට පත් වෙමින් සිරිලක් දෙරණත සසුන් මල පුබුදු කෙරුණා. එයින් පස් මසක් ගත වී එළඹි ඉල් පුන් පොහෝ දිනයේ ථූපාරාමයේ ධාතු නිධානෝත්සවය සිදු කෙරෙද්දී මෙබිම අරහත් ධජය දිනූ පැවිදි ශ‍්‍රාවකයන් තිස්දහසකට වැඩි ප‍්‍රමාණයක් බිහි වී සිටියා. අනුගමනය කරන කල්හි සුවඳ විහිදුවන්නා වූ මලකි යැයි සම්බුදුරජුන්ගේ මුව මඬලින් ම දේශනා කොට වදාරන්නට යෙදුණ උතුම් ශ්‍රී සද්ධර්මය පුරුදු කරන, පුහුණු කරන ජනකායක් ලක්දිව එකල්හී ම බිහි වූවා.

අදටත් අප ගෞතම සම්බුදු සසුනේ ධර්ම භාණ්ඩාගාරය ම යි. අදටත් අප රට සම්බුදුරජුන්ගේ නාමයෙන් කසාවත් දරා සිටින්නා වූ ශ‍්‍රාවක සංඝයාගෙන් හිස් වී නැහැ. අදටත් අප රටේ සම්බුදුරජුන්ගේ ශාස්තෘත්වය සිරසේ දරාගෙන සුදුවතින් සැරසී පොහොය උපෝසථ රකින උපාසක පිරිස් බොහෝ සිටිනවා. හිමිදිරි උදෑසන කාලයේ පමණක් නො වෙයි, දහවල පමණක් නො වෙයි, සවස් කාලයේ පමණක් නො වෙයි, මධ්‍යම රාත‍්‍රියේ පවා ගුවන්විදුලි, රූපවාහිනී විකාශන තරංග මාලා ඔස්සේ නො නැවතී බුදු බණ අසන්නට ලැබෙනවා. පුවත්පත්, සඟරා පිටු කිහිපයක් දහම් ලිපි වෙනුවෙන් වෙන් කෙරෙනවා. බණ ඇසෙන, බණ අසන රටක් මේ. එපමණක් නෙවෙයි; වසර කිහිපයක් පුරා එ් උතුම් ශ්‍රී සද්ධර්මය පැහැදිලි ව, පිරිසිදු ව, තේරුම් ගැනීමට පහසු ආකාරයෙන් ම අසන්නට ද කියවන්නට ද ලැබුණු නිසා සම්බුදුරජුන් වදහළ කවර හෝ ධර්ම පර්යායක් තව කෙනෙකුට කියා දෙන්නටත් බොහෝ දෙනෙකුට හැකියාව තිබෙනවා.

තෙරුවන් ගුණ ගැන පමණක් නො වෙයි; චතුරාර්ය සත්‍ය ධර්මය, පටිච්චසමුප්පාදය ආදි වූ ගම්භීර ධර්ම කාරණාවන් පවා විස්තර කොට කියන්නට බොහෝ දෙනෙකුට හැකියි. දුක යනු කුමක් ද?, දුකට හේතුව කුමක් ද?, දුක නිරුද්ධ වීම යනු කුමක් ද?, දුක නිරුද්ධ වන ප‍්‍රතිපදාව කුමක් ද? කියා ඔබෙන්, අපෙන් පින්වත් ස්වාමීන් වහන්සේනමක් හෝ විමසනු ලැබුවහොත් එ් ගැන කියන්නට නොහැකියාවක් නැහැ නේ ද? අපට පමණක් නො වෙයි; බොහෝ කලකට පසු ලොවට මෙතරම් සුපැහැදිලි ව, විස්තර විග‍්‍රහ සහිත ව මේ ධර්මය ඇසෙන කාලයේ කල්‍යාණමිත‍්‍ර සේවනය ලබන්නට වාසනාව හිමි වුණු බොහෝ දෙනෙකුටත් එය කළ හැකියි.

නමුත්, එදා පොසොන් සඳ මඬල දකින හෙළදිව සම්බුද්ධ ශ‍්‍රාවක පිරිසත්, අද පොසොන් සඳ මඬල දකින හෙළදිව සම්බුද්ධ ශ‍්‍රාවක පිරිසත් අතර වෙනසක් තිබෙනවා. උපමාවෙන් ම කියනවා නම් එ් වෙනස මේ ආකාරයි. එදා පොසොන් සඳ මඬලට පෙනී ගියේ සුවඳ පිරුණු ලස්සන, පැහැපත් මල්. එහෙත් අද පොසොන් සඳ මඬල දකින්නේ හුදෙක් පැහැපත් බව ලද ලස්සන මල් අති බහුතරයක්. ලෝකයට නම් මේ පැහැපත් බව, ලස්සන යනු ආකර්ෂණය පිණිස හේතුපාදක වන්නක්. එහෙත් මේ සටහනේ ආරම්භයේ දී ම සටහන් කළ පරිද්දෙන් ම මලට හිමි විය යුතු මහානීය ම වටිනාකම එහි නැහැ…

දුක කුමක් ද කියා කොතෙක් කීවත්, එ් දුක් ම තමා කරා එද්දී සසැලෙන හිත් මිස ‘මේ නම් සම්බුදුරජාණන් වහන්සේ වදහළ දුක යි. එ්කාන්තයෙන් ම එ් අවබෝධය නම් සත්‍යය යි.’ කියා සිත පහදවාගෙන දහම ම සිහි කරන්නට හැකි සිත් අපට තිබෙනවා ද?

දුක නිරුද්ධ කිරීම පිණිස දේශනා කොට වදහළ දහම් කරුණක් සිහිපත් කරගෙන සැනසෙන්නට හැකි සිත් අපට තිබෙනවා ද?

සරලව ම කීවොත්, යම් දුකක් අප කරා පැමිණෙන විට එ් පීඩාවන් සන්සිඳුවාලන ධර්ම පර්යායන් එකක් හෝ අපට සිහිපත් වන්නේ ඉතා කලාතුරකින් නේ ද?

දහම් දැනුම තිබෙනවා. මතකය තිබෙනවා. එහෙත් ප‍්‍රායෝගික ව එ් දැනුම භාවිතයේ යොදවන්නට සමත් වෙන්නේ කීයෙන් කී දෙනා ද?

ප‍්‍රිය විප්පයෝග දුකකට මුහුණ දෙන්නට සිදු වූවා යැයි සිතමු. එවිට ඔබ සිහි කරන්නේ කවර ධර්මයක් ද කියා ඔබෙන් පින්වත් ස්වාමීන් වහන්සේනමක් විමසුවහොත්? ඔබට එයට පිළිතුරක් තිබෙනවා ද? ඇත්තට ම සිදු වන දෙය නම් දුක ගැන අන්‍යයන් හට ඕනෑ තරම් විස්තර ගෙනහැර පෑවත් තමන් කරා එ් දුක එළඹෙන විට එ් දුකට යට ව යාම නො වෙයි ද?

පින්වත් කල්‍යාණමිත‍්‍රයෙකු සිහිය උපදවා නො දුන්නහොත් දින ගණන්, සති ගණන්, මාස ගණන් වූවත් එකී පීඩාවන්ගේ ම ඇලී ගැලී අප සිටින්නේ නැති ද?

සම්බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ විශිෂ්ට අවබෝධය නොයෙක් ආකාරයෙන් දේශනා කොට දැක්වූවා. නොයෙක් අර්ථයෙන් ද දේශනා කොට දැක්වූවා. එ් සියලූ දේශනාවන් යොමු වන්නේ එක ම එක ඉලක්කයකටයි. එය ම යි දිනුම් කණුව. එය ම යි දිනුම. එය ම යි ශාන්ත. එය ම යි ප‍්‍රණීත. එ් තමයි සියලූ දුක් නිරුද්ධ වූ අමා මහ නිවන. එ් කරා යන මඟ යනු පුරුදු කරවන්නක්, පුහුණු කරවන්නක් මිස කටපාඩම් කරවන්නක්, එසේත් නැති නම් බලෙන් හෝ මතකයේ තබා ගන්නක් නම් නො වෙයි.

ධර්මය මතකයේ තිබීම ම ධර්මාවබෝධය යැයි කියා යම් කෙනෙකු සිතනවා නම් එය මුළාවක්. ධර්මය කියන්නට හැකි වීම ම ධර්මාවබෝධය කියා සිතනවා නම් එයත් මුළාවක්. ධර්මය දැන සිටිය, ධර්මය කියන්නට ද හැකි වුණ, සතර වන ධ්‍යානයට ද සම වැදුන, ඍද්ධි බල සම්පන්න වූ දේවදත්ත ආනන්තරීය පාපකර්මයන් දෙකක් ද ඇතුළත් ව බොහෝ අකුසලයන් රැුස් කර ගනිමින් තමන්ට සිදු කර ගත් හානිය සිහි කර ගත්තොත් අපට එ් කාරණයේ සත්‍යතාවය තහවුරු කර ගන්නට එය ම ප‍්‍රමාණවත්.

ගැලවෙන්නට තිබෙන්නේ එක ම එක ක‍්‍රමය යි. මේ තරම් පිරිසිදු ව දහම අසන්නට ලැබුණ, එ් දහම පුරුදු කරන කල්‍යාණමිත‍්‍ර සඟරුවන ඇසුරට වාසනාව ලැබුණ මේ ජීවිතයේ දී ම අප සතර අපායේ දොරටු යළි කිසි දිනෙක අප වෙනුවෙන් විවර නොවන අයුරින් වසා දැමිය යුතු ම වනවා. ගෞතම සම්බුදු සසුනේ වමත් ශ‍්‍රාවක වන්නට ද ධර්ම පුරෝහිත වන්නට ද ඍද්ධිබලලාභීන් අතර අගපත් වන්නට ද සම්බුදුරජාණන් වහන්සේනමක් හමුවේ විවරණ ලබා පින්සාර ගමනක පැමිණි මුගලන් මහරහතන් වහන්සේත් නුසුදුසු පරිසරයක ගනුදෙනු කරන්නට සිදු වීම නිසා වරෙක මව පියා දෙදෙනා ම ඝාතනය කොට නිරයට ඇද වැටුනා නම් අපට වරදින්නට තිබෙන ඉඩ ගැන කවර කථා ද? මඟ වියදමට පින වුවමනා වුවත් පින පමණක් අප ව සුරක්ෂිත කරවන්නේ නැහැ. එනිසා පිනෙන් ම හිමි වුණ සම්බුද්ධ ශාසනයේ උරුමය තහවුරු කර ගනිමින් යළි කිසි දිනෙක පහළට ඇද නො වැටෙන කෙනෙක් වීම ම තමයි වටින්නේ.

නිතර සිහි කරන්න මේ සම්බුද්ධ භාෂිතය.

‘‘යථා’පි රුචිරං පුප්ඵං
– වණ්ණවන්තං අගන්ධකං
එ්වං සුභාසිතා වාචා
– අඵලා හෝති අකුබ්බතෝ”

‘ලස්සන මලක් තියෙනවා. හරි ම පැහැපත්. එ් වුණාට කිසි සුවඳක් නෑ. අන්න එ් වගේ ම යි, බුදු සමිඳුන් වදාළ ශ්‍රී සද්ධර්මය වුණත් අනුගමනය නො කරන කෙනෙකුට වැඩක් නෑ.”
     
          (ධම්ම පදය – පුප්ඵ වර්ගය)

ඇසූ ධර්මය සිතේ දරාගෙන, එ් ධර්මය පුරුදු කරමින් සම්බුදු සසුන් කෙතේ ලස්සන, පැහැපත්, සුවඳවත් මලක් ව පුබුදු වී අප මුනිරජුන්ගේ සිරිපා කමල් අබියස පූජා වන්නට අප හට ද වාසනාව උදා වේවා!

(උපකාර කළ පින්වත් ස්වාමීන් වහන්සේලාට පුණ්‍යානුමෝදනා වේවා!)

සටහන - උදුලා පද්මාවතී

උපුටා ගැනීම 👉www.mahamegha.lk

Comments

Popular posts from this blog

පිරිත් (Pirith MP3 Download)

බෝධි පූජා අටවිසි බෝධි පූජා මහ පිරිත කරණීයමෙත්ත සූත්‍රය රතන සූත්‍රය සීවලි  පිරිත අන්තරාය නිවාරණ සූත්‍රය ආටානාටිය සූත්‍රය නවග්‍රහ පිරිත රත්නමාලී යන්ත්‍ර ගාථා අංගුලිමාල පිරිත ජය පිරිත ජලනන්ද පිරිත ධජග්ග සූත්‍රය සෙත් පිරිත් 1 සෙත් පිරිත් 2 චූල ජිනපන්ජර පිරිත ඇනවුම් පිරිත වට්ටක පිරිත ධම්මචක්කප්පවත්තන සූත්‍රය දස දිසා පිරිත ඡත්ත මානවක ගාථා

සර්ව රාත්‍රික පරිත්‍රාන ධර්ම දේශනාව Overnight Pirith Chanting

Download

DAMMAPADA - Danda Vagga (English)

Sabbe tasanti daṇḍassa, sabbe bhāyanti maccuno; Attānaṃ upamaṃ katvā, na haneyya na ghātaye. 129. All beings tremble at violence. All beings fear death. Putting yourself in the place of another, do not kill or influence others to kill. Sabbe tasanti daṇḍassa, sabbesaṃ jīvitaṃ piyaṃ; Attānaṃ upamaṃ katvā, na haneyya na ghātaye. 130. All beings tremble at violence. Life is dear to all. Putting yourself in the place of another, do not kill or influence others to kill. Sukhakāmāni bhūtāni, yo daṇḍena vihiṃsati; Attano sukhamesāno, pecca so na labhate sukhaṃ. 131. If desiring happiness, one uses violence to harm beings who also desire happiness, one will not find happiness after death. Sukhakāmāni bhūtāni, yo daṇḍena na hiṃsati; Attano sukhamesāno, pecca so labhate sukhaṃ. 132. If desiring happiness, one does not use violence to harm beings who also desire happiness, one will find happiness after death. Māvoca pharusaṃ kañci, vuttā paṭivadeyyu taṃ; Dukkhā hi sārambh...