Skip to main content

මනුෂ්‍යයාගේ තෘෂ්ණාවේ සුමිහිරි ගීතය අනාගත දුකේ අඳෝනාවක්‌ම වෙනවා



බුදුරජාණන්  වහන්සේ දේශනා කරනවා රූපය, වේදනාව, සංඥාව, සංස්‌කාර, විඤ්ඤාණය නිරතුරුවම වෙනස්‌ වෙනවාය කියලා. සිතාගන්න බැරි ආකාරයට කිපෙනවාය, කැඩෙනවාය, බිඳෙනවාය, විසිරෙනවාය කියලා. සංස්‌කාරයන්ගේ විපරීත වීමෙන් නිශ්චලව පැවැති මහා සාගරය යක්‍ෂාවේශයෙන් ගොඩබිමට ගලන්නා සේ සංස්‌කාරයන්ගේ විපරීත වීමෙන් මේ ජීවිතයේ බෞද්ධ ඔබ ඊළඟ ජීවිතයේදී අබෞද්ධයෙක්‌ වෙන්න පුළුවන්. සංස්‌කාරයන්ගේ විපරීතභාවයෙන් විඤ්ඤාණය විපරීත ඵලයන් නිපදවනවා.

ලෝකය ඔබම වූ කල, විනාශයේ විත්තිකරුවාත් පැමිණිලිකරුවාත් ඔබම බව ඔබට අමතක වෙනවා. ඔබේ වාසියට විටෙක පැමිණිල්ල නියෝජනය කරන ඔබ, ඔබේම වාසියට විටෙක ඔබවම විත්තිකරු බවට පත්කරනවා. මාරයාගේ අධිකරණ ක්‍රියාවලියේ පොලිසියත්, පැමිණිල්ලත්, විත්තියත්, අධිකරණයත් සියල්ලම මාරයාගේම වූ කල, ඔබ කළ යුත්තේ අසාධාරණයට එරෙහිව සටන් කිරීමත්, සාධාරණය ඉල්ලා යෑදීමත් නොව මාරයාගේ ලෝකයෙන් නිවී  යෑයි දැකීමට ඔබ තවම අදක්‍ෂ වී තිබෙනවා. මේ අදක්‍ෂභාවය පිංවත් ඔබ තුළ සකස්‌වෙලා තිබෙන්නේ ඔබ තවමත් නොනවත්වාම සිතන නිසා. ඔබ ඔය සිතන සිතිවිල්ලක්‌ සිතිවිල්ලක්‌ පාසා ඔබව අනාගත පටිච්චසමුප්පන්න ලෝකය ඔබ විසින්ම අස්‌වද්දා ගන්නවා. අයාලේ භවත්‍රය පුරා දුවන පටිච්චසමුප්පන්න සිත දමනය කොට ගන්න බුදුරජාණන්වහන්සේ චිත්තානුපස්‌සනාව පැහැදිළිව දේශනාකොට තිබියදීත් පිංවත් ඔබ නැවත නැවතත් ඔබට අදාළ ලෝකයක චිත්තානුපස්‌සනාවක්‌ මවනවා. නැවතීම පැත්තක තැබූ මේ ඊනියා චිත්තානුපස්‌සනාව හේතුවෙනුත් ඔබ අනාගත ලෝකයම අස්‌වද්දා ගන්නවා. චිත්තානුපස්‌සනාව තුළින් බුදුරජාණන්වහන්සේ පිංවත් ඔබේ ලෝකයට සිතීමෙන් සිදු වන විඩාව මඟහරවා, විවේකයක්‌ ලබාදෙනවා. කුසල් අකුසල් සිත්, පංච නීවරණ, සප්තබොඡ්ඣංග සිත්, හොඳ නරක බේදයකින් තොරව විවේක ගන්වනවා. ඔබ මොහොතක්‌ චිත්තානුපස්‌සනාවෙන් සිතීමට විවේකයක්‌ ලබාදෙනකොට අනාගත ලෝකය ගොඩනැඟීම උදෙසා දිවීමට නලියන සිත හොඳින් ජවය දෙනවා. එහෙත් සිතීමට ඔබ විවේක දීලයි සිටින්නේ. අනවබෝධාත්මක සිත ඔබ මොනතරම් චිත්තානුපස්‌සනාවෙන් විවේක ගන්වන්නට හැදුවත් ඒ සිත හරියට සුනාමියක්‌ වගේමයි. සිතාගන්න බැරි තැනකින් රූපයක්‌ කෙරෙහි තෘෂ්ණාවෙන් ඇලීම, ගැටීම, උපේක්‍ෂාවන් අතර බැසගන්නවා. දැන් ඉතින් ඔබ ආයෙමත් සිතනවා. විවේකයක්‌ අනවශ්‍ය සිත බලගන්වන බලශක්‌තිය තෘෂ්ණාවම වෙනවා.

සුනාමියක්‌ කියන්නේ, සුළි සුළඟක්‌ කියන්නේ, භූමි කම්පාවක්‌ කියන්නේ සතර මහා ධාතුවේ කිපීමක්‌ වුවත්, ඊට මූල බීජය සකස්‌කොට දුන්නේ මනුෂ්‍යයාගේ තෘෂ්ණාව බව මතුකොට දැකීමට මනුෂ්‍යයාට ඇති අනවබෝධය නිසාම, තව තවත් මනුෂ්‍යයා සොයාගෙන සුනාමි, සුළිසුළං, භූමි කම්පා එනවා. එවිට පිංවත් මනුෂ්‍යයා සුනාමියට, සුළි සුළඟට, භූමි කම්පාවට හේතුවූ තෘෂ්ණාව අමතකකොට රූපය කෙරෙහි ඇති තෘෂ්ණාව නිසාම, සරම කැහැපොට ගසාගෙන ආරක්‍ෂිත ස්‌ථාන කරා දුවනවා. තෘෂ්ණාවට විපාකය පැමිණෙද්දී නැවත නැවත තෘෂ්ණාව ගොඩගසා ගන්නවා. තෘෂ්ණාවේ ඵලයයි ඔබ අත්විඳින ශෝක, පරිදේව, දුක්‌ඛ දෝමනස්‌සයන්. ප්‍රියයන්ගේ වෙන්වීම්, අප්‍රියයන් හා එක්‌වීම් තෘෂ්ණාවේ ප්‍රමාණයටම සත්වයාගේ දුක සකස්‌කිරීම් වෙනවා.

බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා ‘මහණෙනි, ඔබලා රුක්‌ඛමූල, ශුන්‍යාගාර, ආරණ්‍ය, ගල්ගුහා, පිදුරු ගෙවල් ඇසුරු කරමින් පරිසරයේම කොටස්‌කරුවෙක්‌ වෙන්නය කියලා. පරිසරයත් ඔබත් දෙකක්‌ නොව එකක්‌ වෙන්න’ය කියලා. ‘පරිසරය, ස්‌වභාවදහම ඉක්‌මවා යන්න එපා’ ය කියලා. භික්‍ෂූන් පරිහරණය කරන චීවරය, අඳනය ගත නොහැකි ලෙස දිරාගිය කල එය ඇඳඇතිරිලි වලට, පාපිස්‌නාවට, කුටියට මැටී තැබීමට ගන්න කියලයි බුදුරජාණන්වහන්සේ අපට අවවාද කොට තිබෙන්නේ.

සතර මහා ධාතුව, සතර මහා ධාතුවේ කිපීම උදෙසා නොව, ස්‌වාභාවිකවම සතරමහා ධාතුවේ ක්‍රියාකාරිත්වය උදෙසා යොමු කිරීමේ වැදගත්කමයි බුදුරජාණන්වහන්සේ අපට උගන්නා තිබෙන්නේ. නමුත් වර්තමානයේ ස්‌වාභාවික පරිසරයට මනුෂ්‍යයාගේ තෘෂ්ණාව නිසාම එයට බලවත් අඩන්තේට්‌ටම් කරනවා. අවුරුද්දෙන් පල එන ගසේ මාස 6න් පල හටගන්නවා. මාස 6න් මල් එන ගහේ මාස 1න් මල් හටගන්නවා. පස්‌කඳු, වැලිකඳු, ගල්කඳු අතිවේගයෙන් විනාශයට දමනවා. වෙරළ තීරය වේගයෙන් පටුභාවයට පත්කොට තිබෙනවා. කුණු කඳු ගොඩගැසෙනවා. යතුරු පැදියෙන් යන පිංවතාත් පරිසරයට විෂ වායුවම එකතු කරනවා. මනුෂ්‍යයාගේ තෘෂ්ණාවේ සුමිහිරි ගීතය අනාගත දුකේ අඳෝනාවක්‌ම වෙනවා

Comments

Popular posts from this blog

පිරිත් (Pirith MP3 Download)

බෝධි පූජා අටවිසි බෝධි පූජා මහ පිරිත කරණීයමෙත්ත සූත්‍රය රතන සූත්‍රය සීවලි  පිරිත අන්තරාය නිවාරණ සූත්‍රය ආටානාටිය සූත්‍රය නවග්‍රහ පිරිත රත්නමාලී යන්ත්‍ර ගාථා අංගුලිමාල පිරිත ජය පිරිත ජලනන්ද පිරිත ධජග්ග සූත්‍රය සෙත් පිරිත් 1 සෙත් පිරිත් 2 චූල ජිනපන්ජර පිරිත ඇනවුම් පිරිත වට්ටක පිරිත ධම්මචක්කප්පවත්තන සූත්‍රය දස දිසා පිරිත ඡත්ත මානවක ගාථා

DAMMAPADA - Danda Vagga (English)

Sabbe tasanti daṇḍassa, sabbe bhāyanti maccuno; Attānaṃ upamaṃ katvā, na haneyya na ghātaye. 129. All beings tremble at violence. All beings fear death. Putting yourself in the place of another, do not kill or influence others to kill. Sabbe tasanti daṇḍassa, sabbesaṃ jīvitaṃ piyaṃ; Attānaṃ upamaṃ katvā, na haneyya na ghātaye. 130. All beings tremble at violence. Life is dear to all. Putting yourself in the place of another, do not kill or influence others to kill. Sukhakāmāni bhūtāni, yo daṇḍena vihiṃsati; Attano sukhamesāno, pecca so na labhate sukhaṃ. 131. If desiring happiness, one uses violence to harm beings who also desire happiness, one will not find happiness after death. Sukhakāmāni bhūtāni, yo daṇḍena na hiṃsati; Attano sukhamesāno, pecca so labhate sukhaṃ. 132. If desiring happiness, one does not use violence to harm beings who also desire happiness, one will find happiness after death. Māvoca pharusaṃ kañci, vuttā paṭivadeyyu taṃ; Dukkhā hi sārambh...

DHAMMAPADA - Chitta Waggaya (English)

Phandanaṃ capalaṃ cittaṃ, dūrakkhaṃ dunnivārayaṃ; Ujuṃ karoti medhāvī, usukārova tejanaṃ. 33. The mind is so fickle and agitated. It is very difficult to protect and very challenging to guard from evil. The wise person straightens his mind as an arrow maker straightens an arrow shaft. Vārijova thale khitto, okamo­kata­ub­bhato; Pari­phanda­ti­daṃ cittaṃ, māradheyyaṃ pahātave. 34. Like a fish that is pulled out of the water and thrown on the dry ground thrashes about and quivers, the mind thrashes about from thought to thought. That is why one should try to escape from the realm of Māra. Dunniggahassa lahuno, yattha­kā­ma­nipātino; Cittassa damatho sādhu, cittaṃ dantaṃ sukhāvahaṃ. 35. The mind is so difficult to subdue. It is unreliable. It seizes whatever it desires. Good indeed, it is to tame such a mind. A tamed mind brings happiness. Sududdasaṃ sunipuṇaṃ, yattha­kā­ma­nipāti­naṃ; Cittaṃ rakkhetha medhāvī, cittaṃ guttaṃ sukhāvahaṃ. 36. It is so difficult to detect the ...